ළමා කාලය කියන්නෙ අපේ ජීවිතේ සුන්දරම කාලයයි. මට වගේම ඕනෑම පුද්ගලයෙකුගෙ ජීවිතයෙ වැදගත්ම අවධිය ළමා කාලය කියලා මගේ හැගීමයි. ඒ කාලය මොනතරම් සුන්දරද? ජීවිතයේ අමතක කළ නොහැකි මතකයන් රාශියක් හිතේ තබාෙගන සිටීමට පමණක් අද අපට හැකියාව ලැබී ඇත. පුංචිකමට අප මොනතරම් දේ කළාද? ඒ අවධිය මතකයට නැගෙන සෑම මොහතකම වාගේම පුංචි කාලයට දුවලා යන්න හිතෙනවා. මවකගේ උණුසුම ළඟ දැවටී අපට හැමදාමත් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? අම්මා පුංචි කාලයේ අපිව තමන්ගෙ උකුළෙහි හොවාගෙන ආදරයෙන් බත් කවපු ආකාරය, හිස පිරිමැද මැද සුරංගනා කතා කියපු හැටි අද වගේ මට මතකයි. ඕනෑම කෙනෙකුගේ ළමා වයස ඉක්මනින්ම ක්ෂය වුවද ඒ මිහිරි මතකයන් ජීවිතය තියෙනකල් ක්ෂය නොව් යැයි මාගේ විශ්වාසයයි. යමෙකුගේ ළමා කාලය හුඟක් ලස්සන වෙන්න පුළුවන් ඒත් තවත් කෙනෙකුගේ ළමා කාලයට අමිහිරි මතකයන් රාශියක් එක් වී එය ගොඩක් අසුන්දර වෙන්න පුළුවන්, එය තමයි ජීවිතය කියන්නෙ, දුක සැප දෙකම නිරන්තරයෙන්ම වෙනස් වන මේ ලෝකයේ අපි හැමෝටම එක විදියට සැපවත් වීමට නුපුළුවන. “ජීවිතය තියෙන්නෙ විදවීමට නොව විදීමටයි”. මෙය මනාව අවබෝධ කරගෙන ළමා කාලය අමිහිරි වුවත් එය වඩාත් මිහිරි කර ගැනීමේ හැකියාව ඇත්තේද අපටයි. ජීවිතයට එන සියලුම අභියෝග ජය ගැනීමට නම් අධ්‍යාපනය නැමැති කඩඉම ජයග්‍රහණය කරගත යුතුමය. එය කළ නොහැක්කක් නොව කළ හැක්කකි. දෙමාපියන් පුංච් කාලයේ දරුවන්ට උගන්වන්නෙ ඔවුන් සමාජයේ ඉහළට යැවීමේ බලාපොරොත්තුවෙනි. ඒ හීන හැබෑ කිරීමට නම් දරුවන් වන අප වෙහෙස මහන්සි වී අධ්‍යයන කටයුතු කළ යුතුය. අපට හැමදාමත් ශිෂ්‍යයෙකු සේ නිල ඇඳුමින් සැරසී පාසල් යාමට හැකියාවක් නැත. එයට අවස්ථාව ලැබෙන්නෙ උසස් පෙළ කරන තෙක් පමණි. ඉන් පසු නැවත පාසල් යාමේ අවස්ථාව හීනයක් පමණි. එදා ආසාවෙන් පයෙහි දාගෙන පාසල් ගිය සපත්තු දෙක, ඒ ඇදුම්, පොත්පත් දකින විට නැවතත් පාසල් යාමට ඇත්නම් යන හැඟීම මටත් හොරෙන් මගේ සිතට එයි. යහළු යෙහෙළියන් සමඟ ගෙවූ ඒ සුන්දර අතීතය කිසිදාක මගේ මතකයෙන් අමතක නොවේ. එක පංතියේ ඉගෙන ගත් යෙහෙළියන් වෙන් වීම හිතට වේදනාවක්, නමුත් ඒ මිහිරි මතකයන් හැමදාමත් මාත් එක්ක ජීවත් වේවි.
Advertisement



ළමා කාලය ශරිම සුන්දරයි නේ