ජීවිතයේ තවත් එක් සුන්දර අත්දැකීමක්, සතුටක් විඳගැනීමට අප මෙම මස පස් වන දින උදෑසන බටුවංගල ඊ ගම්මානය නැරඹීමට පිටත් විය.එහිදී අතරමඟදී ලේනබටු ජලාශය වැනි සුන්දර දර්ශණ දකිමින් ගමන් කළේය. අප බටුවංගල පාසලට පැමිණි විගස එම පාසලේ පරිගණක ආචාර්ය තුමා සිනාමුසු මුහුණින් අප පිළිගත් අතර පසුව අප පරිණකාගාරයට කැඳවා ගෙන ගියේය. මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග විදුලිබලාගාරය නැරඹීමට ගිය අතර නැවත දූවිලි ඇල්ල නැරඹීමට ගියේය. එහිදී බෙහෙවින් විනෝද වූ අප තවත් දිය ඇල්ලක් නැරඹීමට ගොස් සවස් වන විට නවාතැන් පොළට ගියේය. රාත්‍රි කාලය එහිදී ගත කළ අප සැවොම පසුදින උදෑසනම බටුවංගල පාසල බලා පිටත් වුණා. එම විද්‍යාලයෙන් සිසුන් තිදෙනෙකු සමඟ ගමන ඇරඹු අප ඉතා උස් බිමක පිහිටි ආරණ්‍ය සේනාසනයකට ගියා. එවන් ස්ථානයක ආරණ්‍ය සේනාසනයක් ඉදි කර ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේආගමික කටයුතු වලට පහසුවක් වන හෙයිනි.මිනිස් වාසයෙන් බොහෝ සෙයින් ඈත්ව උන්වහන්සේලා තමන්ගෙ ආගමික කටයුතු ඉෂ්ඨ කර ගැනීමට මෙවැනි වනගත පරිසරයක් භාවිතා කරනවා ඇතැයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු සිංහරාජ අඩවියට පැමිණි අතර එහිදී අප ගමනට බාධා කිරීමට එහි සිටි කූඩැල්ලන් නැමැති සත්ව විශේෂයගෙ බාධා ඹස්සෙ එහි අසිරිය විඳ ගැනීමට උත්සාහ කළේය. නැවත අප පෙරදා පැමිණ සිරි නැරඹු දූවිලි ඇල්ල පිහිටි ස්ථානයෙන් සිංහරාජ වනාන්තරයෙ ගමන නිමා කළේය. ඉන් පසු දෙල්ලව නැමැති ස්ථානයේ පිහිටි ගඟකට ගියා. අපේ චාරිකාව නිම කිරීමට කාලය එළඹුණේය. අපත් සමග ගිය සොයුරන් තිදෙනාට සමු දුන් අතර රාත්‍රියේ නවා තැන් ගත් ස්ථානයට පැමිණ ඔවුන්ට ආචාර කොට චාරිකාවේ අවසාන අදියර ඇරඹුවේය. අපේ චාරිකාව නිම වී නිවෙස් බලා යාමට සිදු වීම සිත තුළට පුංචි වේදනාවක් වුවද ඉන් අප ලැබු සතුට ඒ අපූරු වූත් මිහිරිවූත් සුන්දර අත්දැකීම් කිසි දිනක කිසිවිටක මිල කළ නොහැක.
Advertisement



